Invest With Us

Corporate Plan 2022-2024

Important notices

Online Application
system

Online
help

Home

About

Contact

UDA Planning Approval Mobile Service 2022



28 JUN
Eastern Province
UDA Eastern Provincial Office

On a proposal made by Hon. Prasanna Ranatunga, Minister of Urban Development and Housing, under the guidance of Secretary to the Ministry Mr. Pradeep Rathnayake and on the instructions of the higher Management of the Urban Development Authority including the Chairman, Director General, Additional Director General and Deputy Director General (Planning) Zone 01 and Zone 02, The Mobile Service was successfully conducted within the Trincomalee District by the UDA Eastern Provincial Office on 28.06.2022 with the participation of the Secretaries and Technical Officers of the relevant Local Authorities.

48 files pertaining to the Urban Development Authority and 38 files pertaining to local Authorities were discussed during the mobile service. About 60 of the applicants for those files came to the mobile service and discussed their issues. Accordingly, approval was granted for 34 files which had not been approved due to various issues.

It was decided to forward balance files to the Main Planning Committee of the Urban Development Authority and Trincomalee District Coordinating Committee to resolve the ownership document.

Applicants who participated in the event thanked the Authority for being able to solve their problems through the conducting mobile service and as a whole we were able to maintain a successful mobile service to solve a majority of issues related to the building applications, sub division and other related matters.


29 JUN
batticaloa
Batticaloa District Office

On a proposal made by Hon. Prasanna Ranatunga, Minister of Urban Development and Housing, under the guidance of Secretary to the ministry Mr. Pradeep Rathnayake and on the instructions of the higher Management of the Urban Development Authority including the Chairman, Director General, Additional Director General and Deputy Director General (Planning) Zone 01 and Zone II, The Mobile Service was successfully conducted within the Batticaloa District by the UDA District Office .Which was held in Municipal Council Hall, on 29.06.2022 with the participation of the , Hon. Mayor, Secretaries and Technical Officers of the relevant Local Authorities.

05 files pertaining to the Urban Development Authority and 28 files pertaining to local Authorities were discussed during the mobile service. About 33 of the applicants for those files came to the mobile service and discussed their issues. Accordingly, approval was granted for 12 files which had not been approved due to various issues.

It was decided to forward balance files to the Main Planning Committee of the Urban Development Authority and Batticaloa District office planning Committee to resolve the ownership document.

Applicants who participated in the event thanked the Authority for being able to solve their problems through the conducting mobile service and as a whole we were able to maintain a successful mobile service to solve a majority of issues related to the building applications, sub division and other related matters.


30 JUN
ampara
Ampara District Office

On a proposal made by Mr. Prasanna Ranatunga, Hon. Minister of Urban Development and Housing, under the guidance of Secretary Mr. Pradeep Rathnayake and on the instructions of the higher Management of the Urban Development Authority including the Chairman, Director General, Additional Director General and Deputy Director General (Planning) Zone 01 and Zone 02, the Mobile Service was successfully held in Ampara District by the UDA Ampara District Office on 30.06.2022 with the participation of the Secretaries, Technical Officers and subject clerks of 12 number of relevant Local Authorities and officers of other responsible authorities.

94 cases were received to the mobile service via WhatsApp media and 20 number of public attended physically on the date. Totally 41 number of cases were taken to consider. Out of 41 cases 3 files were related to UDA online applications and balance 38 files were related to local authorities’ applications.

Out of the said 41 applications approval was granted for 11 numbers of applications and 3 applications were rejected and 18 applications were revision required and 9 applications were forwarded to planning committee held in the evening on the same day with the chairmanship of DDG planning Zone 11 and other higher officers of the UDA.

There, 2 applications were rejected and it was recommended to submit 4 applications to main Planning Committee of UDA. With regard to balance 3 files instructions were given to relevant officers to be fulfilled with regard to the issues pertaining with applications.

It was a very fruitful event in terms of solving issues of public and all of applicants who participated in the event gave their fullest gratitude to UDA in giving chance to solve their issues.


11 JUL
Colombo District
කොළඹ දිස්ත්‍රික්කය

ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ යෝජනාවකට අනුව, විෂයභාර අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් රත්නායක මහතාගේ මඟපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) කලාප 01 සහ කලාප 02 ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ උපදෙස් මත, නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව මහා නගර සභාව, කැස්බෑව නගර සභාව, සීතාවක නගර සභාව, සීතාවක ප්‍රාදේශීය සභාව හෝමාගම ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන බල ප්‍රදේශයන් තුල සැලසුම් අනුමැතීන් ලබා දීමේ දී විසඳී නොමැති ගැටලු නිරාකරණය සඳහා ජංගම සේවාවක් 2022.07.11 දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.

එහිදී, නාගරික සංවර්ධන අධිකාරියට අදාළ ලිපිගොනු 06 ක් සහ පළාත් පාලන ආයතනවලට අදාළ ලිපිගොනු 07 ක් සාකච්ඡා කෙරිණි. ඒ අනුව, විවිධ ගැටලු හේතුවෙන් අනුමැතිය නොලැබුණු ලිපිගොනු 03ක් සඳහා අනුමැතිය හිමි වු අතර, ලිපිගොනු 07 ක් සඳහා අඩුපාඩු සම්පුර්ණ කල යුතු බවට උපදෙස් ලබා දුනි.

මෙම අවස්ථාවට සහභාගි වූ අයදුම්කරුවන් විසින් පවත්වනු ලබන ජංගම සේවාව හරහා තම ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවීම පිළිබඳව අධිකාරියට ස්තුතිය පුද කළ අතර, සමස්තයක් ලෙස ගොඩනැගිලි අයදුම්පත්‍ර, ඉඩම් අනුබෙදුම් සහ අනෙකුත් ගැටළු බොහෝමයක් සම්බන්ධව විසඳුම් ලබා දෙමින් ජංගම සේවාව සාර්ථකව නිමා කරන ලදි.


25 JUL
galle
ගාල්ල දිස්ත්‍රික්කය

ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ යෝජනාවකට අනුව, විෂයභාර අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් රත්නායක මහතාගේ මඟ පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කලාප 01 සහ කලාප අංක 02 ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ උපදෙස් මත, නාගරික සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂතුමා හා සැලසුම් කාර්ය මණ්ඩලයේ පූර්ණ මෙහෙයවීම මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ, ගාල්ල මහ නගර සභාව, අම්බලන්ගොඩ නගර සභාව, හික්කඩුව නගර සභාව, බෙන්තර ප්‍රාදේශීය සභාව, හබරාදුව ප්‍රාදේශීය සභාව, බොපේ - පෝද්දල ප්‍රාදේශීය සභාව, බලපිටිය ප්‍රාදේශීය සභාව, අක්මීමණ ප්‍රාදේශීය සභාව යනාදී පළාත් පාලන බල ප්‍රදේශයන් තුළ සැලසුම් අනුමැතීන් ලබා දීමේදී මෙතෙක් විසඳී නොමැති ගැටළු නිරාකරණය කිරීම සඳහා ජංගම සේවාවක් 2022. 07. 25 වන දින පෙ. ව. 9.00 සිට ප. ව. 4.00 දක්වා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.


එහිදී නාගරික සංවර්ධන අධිකාරිය, ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ලිපි ගොනු සහ පළාත් පාලන ආයතනවලට අදාල ලිපි ගොනු 34 ක් සාකච්ඡා කෙරුණි. ඒ අනුව විවිධ ගැටළු හේතුවෙන් මෙතෙක් අනුමැතිය නොලැබුණු ලිපි ගොනු 34 න් 30 ක් සඳහා දකුණු පළාත් අධ්‍යක්ෂතුමා, සහකාර අධ්‍යක්ෂ සැලසුම් හා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් කාර්ය මණ්ඩලයෙන් සැදුම්ලත් කමිටුවක් විසින් එදිනම විසඳුම් ලබා දෙන ලදී.


තවද ඉන් තවදුරටත් ගැටළු සහගතවූ ලිපි ගොනු 04 ක් සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම් - කලාප 02) සමන්විත සැලසුම් කමිටුවට Zoom තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන ලදි. එහිදී යොමු කරන ලද ලිපි ගොනු 04 තවදුරටත් සාකච්ඡා කරන ලද අතර, ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලදී. එම විසඳුම් අයදුම්කරු වෙත දන්වා යැවීමට හා පළාත් පාලන ආයතනවලට දන්වා යැවීමට තීරණය කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ අයදුම්කරුවන් විසින් පවත්වනු ලැබූ ජංගම සේවාව හරහා තම ගැටළු නිරාකරණය කර ගැනීමට හැකිවීම පිළිබඳව අධිකාරියට ස්තූතිය පුද කර අතර, සමස්ථයක් ලෙස ගොඩනැගිලි අයදුම්පත්‍ර, ඉඩම් අනුබෙදුම්, අනුකූලතා සහතික සහ අනෙකුත් ගැටළු බොහොමයක් සම්බන්ධව විසඳුම් ලබා දෙමෙන් මහජනතාවගේ ප්‍රසාදය මැද ජංගම සේවාව සාර්ථකව නිම කරන ලදී.


27 JUL
north western
උතුරු මැද පළාත

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රකාශිත බල ප්‍රදේශයන් හි සිදු කරනු ලබන යම් සංවර්ධන කටයුත්තකට අදාළ සියලුම ආයතන වෙත යොමු කර ඇති ගොඩනැගිලි අයදුම්පත්, බිම් කට්ටි අයදුම්පත්, අනුකූලතා සහතික අයදුම්පත් සම්බන්ධ මෙතෙක් විසදී නොමැති ගැටළු සදහා කඩිනමින් උපදෙස් හා විසදුම් සදහා ගරු විෂය භාර ඇමතිතුමාගේ උපදෙස් පරිදි ජංගම සේවාවක් පැවැත්වීමට නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් කාර්යාලය මගින් පහත පරිදි කටයුතු සූදානම් කොට ඇත.


දිනය : 2022 ජූලි මස 27
වේලාව : පෙ.ව. 9.00 - ප.ව. 2.00 දක්වා
ස්ථානය : කුම්බ්ච්චන්කුලම සිසිල උයන පරිශ්‍රය


28 JUL
gampaha
ගම්පහ දිස්ත්‍රික්කය

ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ යෝජනාවකට අනුව, විෂයභාර අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් රත්නායක මහතාගේ මඟපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) කලාප I සහ කලාප II ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ උපදෙස් මත, නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ, පළාත් පාලන බල ප්‍රදේශයන් දහනමයම ආවරණය වන පරිදි, සැලසුම් අනුමැතීන් ලබා දීමේ දී විසඳී නොමැති ගැටලු නිරාකරණය සඳහා ජංගම සේවාවක් 2022.07.28 දින නාගරික සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී අති සාර්ථක අයුරින් පවත්වන ලදී.


එහිදී, නාගරික සංවර්ධන අධිකාරියට අදාළ ලිපිගොනු 24 ක් සහ පළාත් පාලන ආයතනවලට අදාළ ලිපිගොනු 09 ක් සාකච්ඡා කෙරිණි. ඒ අනුව, විවිධ ගැටලු හේතුවෙන් අනුමැතිය නොලැබුණු ලිපිගොනු 21 ක් සඳහා අනුමැතිය හිමි වු අතර, ලිපිගොනු 11 ක් සඳහා අඩුපාඩු සම්පුර්ණ කල යුතු බව දන්වනු ලැබීය. ප්‍රතික්ෂේපිත ලිපිගොනු සංඛ්‍යාව දෙකකි.


මෙම අවස්ථාවට සහභාගි වූ අයදුම්කරුවන් විසින් පවත්වනු ලබන ජංගම සේවාව හරහා තම ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවීම පිළිබඳව අධිකාරියට ස්තුතිය පුද කළ අතර, සමස්ථයක් ලෙස ගොඩනැගිලි අයදුම්පත්, ඉඩම් අනුබෙදුම් සහ අනෙකුත් ගැටළු සම්බන්ධව විසඳුම් ලබා දෙමින් ජංගම සේවාව සාර්ථකව නිමා කරන ලදී.


28 JUL
polonnaruwa
පොළොන්නරුව දිස්ත්‍රික්කය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රකාශිත බල ප්‍රදේශයන්හි සිදු කරනු ලබන සංවර්ධන කටයුතුවලට අදාළව පොළොන්නරුව මහා නගර සභාව,පොළොන්නරුව ප්‍රාදේශීය සභාව,හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව, ඇළහැර ප්‍රාදේශීය සභාව, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව වෙත යොමු කර ඇති ගොඩනැඟිලි අයදුම්පත්, බිම්කට්ටි අයදුම්පත්, අනුකූලතා සහතික අයදුම්පත් සම්බන්ධව සහ මෙම අධිකාරියට සම්බන්ධ මෙතෙක් විසදි නොමැති ගැටළු සදහා කඩිනමින් උපදෙස් හා විසදුම් ලබා දීම සඳහා ගරු විෂයභාර අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ජංගම සේවාවක් පැවැත්වීමට නාගරික සංවර්ධන අධිකාරිය පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය මඟින් පහත පරිදි කටයුතු සූදානම් කර ඇත.


දිනය : 2022 ජූලි 28
වේලාව : පෙ.ව 9.00 - ප.ව.2.00 දක්වා
ස්ථානය : පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය, මෙත්සිරිපාය, නව නගරය,පොළොන්නරුව


29 JUL
kaluthara
කළුතර දිස්ත්‍රික්කය

ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ යෝජනාවකට අනුව විෂයභාර අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ මඟපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති,අධ්‍යක්‍ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (සැලසුම්) කලාප I සහ II ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ උපදෙස් මත, නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලය මගින් කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් තුල සැලසුම් අනුමැතීන් ලබාදීමේදී විසදී නොමැති ගැටළු නිරාකරණය සඳහා ජංගම සේවාවක් 2022.07.29 දින කළුතර නගර ශාලාවේදී සාර්ථකව පවත්වන ලදි.


එහිදී, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ලිපිගොනු 12 සහ පළාත් පාලන ආයතන වලට අදාල ලිපිගොනු 21 ක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඒ අනුව විවිධ ගැටළු හේතුවෙන් අනුමැතිය නොලැබූ ලිපිගොනු 17 ක් සඳහා අනුමැතිය හිමිවූ අතර, ලිපිගොනු 13 ක් සඳහා අඩුපාඩු සම්පූර්ණ කල යුතු බවටත් ප්‍රධාන සැලසුම් කමිටුව වෙත ලිපිගොනු 01 ක් හා උප සැලසුම් කමිටුව වෙත ලිපිගොනු 01 ක් ඉදිරිපත් කිරීමට තීරණය වූ අතර එක් ලිපිගොනුවක් අනුමැතිය ලබාදීම ප්‍රතික්‍ෂේප විය.

මෙම අවස්ථාවට සහභාගී වූ අයදුම්කරුවන් විසින් පවත්වනු ලබන ජංගම සේවාව හරහා තම ගැටළු නිරාකරණය කර ගැනීමට හැකිවීම පිළිබඳව අධිකාරියට ස්තුතිය පුදකල අතර, සමස්ථයක් ලෙස ගොඩනැගිලි අයදුම්පත්‍ර, ඉඩම් අනුබෙදුම් හා අනෙකුත් ගැටළු බොහොමයක් සම්බන්ධව විසදුම් ලබාදෙමින් ජංගම සේවාව සාර්ථකව නිමා කරන ලදි.


19 JUL
gampaha
මාතලේ දිස්ත්‍රික්කය

නාගරික ප්‍රදේශයන් තුළ පවතින සීමිත ඉඩකඩ, සැලසුම්ගත නගර සංවර්ධනය සඳහා ක්‍රමාණුකූලව පරිහරණය කළ යුතු වේ. තවද ප්‍රමිතියකට අනුකූලව, ඉඩම් අනුබෙදුම් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, මූලික සැලසුම් ආවරණ අනුමැතීන් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම ඇතුළු සංවර්ධන කාර්යන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සෘජු ලෙස මැදිහත්වේ. මෙසේ ඉදිරිපත් කරන සැලසුම් අනුමැතියට නිර්දේශ කිරීමේදී නියමිත සංවර්ධන රෙගුලාසිවලට අනුකූල නොවන අවස්ථාවන්හීදී ගැටළු මතුවේ. මෙලෙස දිගු කාලීනව පැවති අදාළ ගැටළු, සැලසුම් හිමිකරුවන් විසින් ජංගම සේවයට ඉදිරිපත් කිරීමේදී සාමුහිකව සලකා, එම ගැටළු සඳහා විසදුම් දීම‍ට හැකිවීම ජනතාවට මහත් පහසුවක් වී ඇත. මෙම ජංගම සේවය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ හා මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ නිළධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය සහ මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ලේකම්වරු හා වැඩ අධිකාරීවරු ඇතුළු අදාළ නිළධාරීන් ද මීට සහභාගි විය.


මෙම ජංගම සේවය 2022 ජූලි 19 දින පෙ.ව 8.30 සි ප.ව. 4.15 දක්වා දඹුල්ල පරිපාලන සංකීර්ණයේදී පැවැත්විය. මෙම අවස්ථාවට මහජන සහභාගීත්වය උපරිම ලෙස දායක කර ගැනීම සදහා පූර්ව ප්‍රචාරක වැඩසටහනක් පළාත් පාලන ආයතන හා සම්බන්ධ කර ගනිමින් පැවැත්විණි. මේ අනුව සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති ජංගම සේවය වෙත ඉදිරිපත් කළ ගැටළු සදහා එක් ස්ථානයකදී සාමූහිකව සාකච්ඡා මාර්ගයෙන් පොදු විසදුම් ලබා දිය හැකි විය. මේ අනුව සැලසුම් අනුමැතීන් පිළිබඳව මහජනතාවට පැවති පොදු වූ ගැටළු විසදීම සඳහා මෙම වැඩමුළුව වඩාත් සාර්ථක විය.